අද කතා කරන්න යන්නේ අපි වැඩිය සමාජයේ කතිකාවතක් නිර්මානය කර ගන්න ලැජ්ජා වෙන නමුත් විවාහ ජීවිතය තුල අඹු සැමියන් අතර හොද ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න අතවශ්‍ය වෙන දේවල් ටිකක් ගැන. සමහර විට ඔබ මේ කියන්න යන දේ ගැන කවදාවත් ඒ තරම් අවධානයක් යොමු කරලා නැතුව ඇති.
වැඩේ ඉවර උන ගමන්ම දුවන්න එපා
මේක නම් ගොඩක් සුලබ දෙයක්. පිරිසිදු වෙන්න ඕනේ තමයි. හැබැයි තව ටික වෙලාවක් ඔබේ සහකරු / සහකාරිය සමග එකට ගුලි වෙලා හිටියොත් ඔබ දෙදෙනාගේ ආදරය තවත් ලෙන්ගතු එකක් වෙයි
වැඩේ ඉවර උන ගමන් වෙනත් කාර්යක් සදහා පිටත් වීමට හදිස්සි වෙන්න එපා
ලිංගික සංසර්ගය ඉවර වූ සැනින්ම එම ස්ථානයෙන් පිටත් වීම සදහා ඔබගේ සහකරු / සහකාරිය සයනයේ බලා සිටිද්දී ඇදුම් අදින්න එපා. හැමෝටම වැඩ තියෙනවා තමයි. එත් ඔබේ කඩි මුඩිය නිසා ඔහුගේ/ ඇයගේ හිත රිදෙන්න පුළුවන්. මොකද දෙදෙනෙක් අතර ආදරය කියන්නේ රාගයටම සීමා වුන දෙයක් නොවෙන නිසා
අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එපා
ලිංගිකව එකතු වීමෙන් අනතුරුව කවදාවත් දෙන්නා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එපා. ආදරය කියන්නේ රාගයට වඩා එහා ගිය දෙයක්. එක නිසා නිදා ගන්න දෙන්නාට දෙන්නා මුණ බලාගෙන තුරුල් වෙලා.
ඵදඉසකැ ඡයදබැ එක ඔබලා යාලුවොන්ට ජ්කක කරන්න එපා
මේක නම් හොදම නැති දෙයක්. ඔබේ සහකරු හෝ සහකාරිය සමග ඔබේම ලොවක තනි වී අවසන් වූ සැනින් චයදබැ එක අරන් පසිිැා ජ්කකි ටිකටයි ීඵී ටිකටයි රුචකහ කරන්න ගියොත් එක ඔබේ ආදර සම්බන්ධතාවයේ තියෙන ලෙන්ගතුභාවය අඩු කරන්න හේතුවක් වේවි. එක නිසා යම් කිසි වෙලාවක් චයදබැ එක පැත්තකටම කරලා තියන්න. ඔබේ අවධානය ඔබේ සහකරුට හෝ සහකාරිය වෙනුවෙන්ම යොදවන්න.
වැඩේ ඉවර උන ගමන් වෙන වෙනම නිදා ගන්නත් එපා
විවාහ ජීවිතයට එළඹුන අලුත නම් යුවලවල් බොහොම කුළුපගයි. ලෙන්ගතුයි. හැබැයි ටික ටික කල් ගත වෙනකොට මේ දේවල් වෙනස වෙන අවස්ථා අද සමාජයේ ගොඩක්ම තියෙනවා. බොහොම ආදරයෙන් විවාහ ජිවිතයට එළඹුණු බහුතරයකගේ පවුල් ජීවිතය අද ලිංගික ක්‍රියාකාරකම් වලට පමණක් සීමා වෙලා. ලිංගික කටයුතු වලට පමණක් එකට එක්වී පසුව වෙන වෙනම නිදා ගන්න පුරුදු වෙලා. මේ වගේ දේවල් වලට කවදාවත් පුරුදු වෙන්න එපා. එය ඔබේ දෙදෙනා තව තවත් දුරස් කරාවි
වැඩේ ඉවර උන ගමන් කුස්සියට දුවලා කන්න ජාති හොයන්න එපා
ලිංගිකව එකතු වී අවසන් වූ සැනින් තනියම ඇදෙන් නැගිටලා කුස්සියට ගිහින් කන්න කෑම ජාති හොයන්න එපා. මේ වැඩේ කරනවා නම් දෙන්නා එක්කම එකතු වෙලා කරන්න. මොකද ඔබ තනියම මේ දේ කරන්න ගියොත් මීට මොහොතකට පෙර ඔබ සමග ඉතා ලගින් වේලිලා හිටපු ඔබේ සහකරු / සහකාරිය සයනයේ තනි වෙනවා. එතකොට ඔහු / ඇය හිතන්න පුළුවන් ඔබ ඇත්තටම එකතු වීමෙන් ආශ්වාදයක් ලැබුවෙ නෑ කියලා. නැත්තම් එකතු වූ මොහොතෙදි පවා ඔබ කෑමක් ගැන ඔලුවේ තියන් හිටියා කියලා.
හොදින් මතක තියා ගන්න. මන් මේ කියපු දේවල් බොහොම සුළු දේවල් කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් පුංචි වතුර බින්දු ගොඩක් එකතු වෙලා මහා දියඇලි ගංගා හැදෙනවා වගේ ඔබ නොදැනුවත්ව කරන මේ වගේ පුංචි වැරදි නිසාත් කවදාවහරි දවසක ඔබට ලොකු ප්‍රති විපාකයක් අත් විදින්න සිද්ද වෙන්න පුළුවන්. මිනිස්සු තමන්ගේ පැත්ත සාධාරනිකරණය කර ගන්න ඔබට විරුද්ධව එල්ල කරන්න පුළුවන් හැම පුංචි චෝදනාවක්ම එයාලාගේ හිත් ඇතුලේ ගොනු කර ගන්නවා. එක නිසා විවාහ දිවිය තුල පුංච් වැරද්දක් වත් ඉතුරු කරන්න එපා.
0 comments:
Post a Comment